Tuesday, September 18, 2018

සිත් නිවනා බුදු බණ පද




සිත් නිවනා බුදු බණ පද
දසන්තයේ රැවු දෙනවා
රුවන් වියන යට දළදා
සමිදු යෙහෙන් වැජබෙනවා

පුදසුනක මත පිදු කුසුම්
දහස් ගණන් හිනැහෙනවා
උවසු උවැසියන් දළදා හිමි
වැදගෙන සැනසෙනවා

සිත් මල් වල දුක් දොම්නස්
අමා දියෙන් සේදෙනවා
සසර මගේ දැවෙන දනන්
හිමි ලග සුවපත් වෙනවා

-රසුර-

No comments:

Post a Comment