Monday, September 17, 2018

මා හද ආදර ගග ගැලුවා


මා හද ආදර ගග ගැලුවා
නිමි නැති නුඹෙ හද සයුර බලා
කිමද රුවැති සයුරියේ ඔයා
සිප නොගත්තේ මේ ආදර ගගුලේ
පිනිදිය මල් වර්ෂා

මා හද ආදර ගග හැඩුවා
සයුරු ඉමෙන් දුරකට ඇදුනා
පෙම් ජල කද ගිනි ගෙන දැවුනා
සිත් බිම මරු කතරක් වූවා

තනි තරුවක් අහසේ පායා
හද කතරට එළියක් සැදුවා
ඒ තරුවත් ගිණි ගෙන දැවිලා
මහ සයුරට ගිලිහී වැටුණා

-රසුර-

No comments:

Post a Comment