Tuesday, September 18, 2018

මගේ නිර්මාණ රස විදින්නට ඔබ සැමට ඇරයුම් කරමි.

Pem Kala by Chamodh Sandaruwan


Artist - Chamodh Sandaruwan

Music- Dasun Buddhika SUS

Lyrics - Ranjan Susantha

Production - SUS Production House

Senehe gagula


Artist : Chandana Madurasingha

Music : N.G. Rathnayaka

Lyrics : Ranjana Susantha Rathnaweera

Producer : ෴ www.chacha.lk ෴(chanaka muthuwaththa)

Edit : Ranil Jayawardana


Ra Kumarika Mal - Thilina Bandara Waththa


Ra Kumarika Mal
Artist : Thilina Bandara Waththa
Music : Chandana Madurasingha
Lyrics : Ranjana Susantha Rathnaweera


සිත් නිවනා බුදු බණ පද




සිත් නිවනා බුදු බණ පද
දසන්තයේ රැවු දෙනවා
රුවන් වියන යට දළදා
සමිදු යෙහෙන් වැජබෙනවා

පුදසුනක මත පිදු කුසුම්
දහස් ගණන් හිනැහෙනවා
උවසු උවැසියන් දළදා හිමි
වැදගෙන සැනසෙනවා

සිත් මල් වල දුක් දොම්නස්
අමා දියෙන් සේදෙනවා
සසර මගේ දැවෙන දනන්
හිමි ලග සුවපත් වෙනවා

-රසුර-

Monday, September 17, 2018

මා හද ආදර ගග ගැලුවා


මා හද ආදර ගග ගැලුවා
නිමි නැති නුඹෙ හද සයුර බලා
කිමද රුවැති සයුරියේ ඔයා
සිප නොගත්තේ මේ ආදර ගගුලේ
පිනිදිය මල් වර්ෂා

මා හද ආදර ගග හැඩුවා
සයුරු ඉමෙන් දුරකට ඇදුනා
පෙම් ජල කද ගිනි ගෙන දැවුනා
සිත් බිම මරු කතරක් වූවා

තනි තරුවක් අහසේ පායා
හද කතරට එළියක් සැදුවා
ඒ තරුවත් ගිණි ගෙන දැවිලා
මහ සයුරට ගිලිහී වැටුණා

-රසුර-

Sunday, September 16, 2018

අදර වැහි


අදර වැහි වහිනවා හදවතින් මවගේ
සෙනේ ගග ගලනවා පියාගේ පපුවේ
ජීවිතය ගෙවනවා ඒ සිහිල් සෙවනේ
ආදරය දැනෙනවා මහමෙරක් වාගේ

-රසුර-



නුඹේ අැස් මගේ ඇස් හා ලංවී
කතාවක් කරන විට
අසරණයි මම බොහොම
නුඹේ මුව මට සොදුරු
සිනාවක් සලන විට
දුක හිතේ මගේ හිතට
ආදරේ සේයාව මගේ ඇසින්
දකීවිදි බයයි සිත

-රසුර-

Friday, September 14, 2018




නිවි නිවි දිලුනා තරු කැට අමර
මැවි මැවි පෙනුනා නුඹෙ වත කමල
යලි යලි රිදුනා හදවත නිමල
සිලි සිලි සුළගක් වී එනු සොදුර

- රසුර-